සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි.
රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය, ආයතනික බැංකුකරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය යනාදී අංශ තුළ විවිධ තනතුරු හොබවා තිබේ. සෙලාන් බැංකුවේ ප්‍රධානතම ශාඛාවක් වන මිලේනියම් ශාඛාව ඇතුළුව ප්‍රධාන පෙළේ නාගරික ශාඛා කිහිපයකම කළමනාකරුවකු ලෙස සේවය කර, පසුව නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය කළමනාකරු ලෙසද කටයුතු කළ දිසානායක මහතා, පසුකාලීනව කලාපීය ප්‍රධානී ලෙස උසස්වීම් ලැබීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සම්බන්ධයෙන් දිසානායක මහතා සතු පළපුරුද්ද ඔහුගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු ලෙස ඒ මහතා, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම සඳහා Boston Consulting Group (BCG) වැනි ගෝලීය උපදේශන සමාගම් සමග එක්ව කටයුතු කළේය.
සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක