සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, පසුගියදා පැවති ‘SLIBFI Awards 2025’ හිදී වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඒ නැගෙනහිර පළාතේ ක්‍රියාවට නැංවූ සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙලාන් බැංකුවේ ආයතනික බැංකුකරණ - ව්‍යාපෘති මූල්‍ය අංශය විසින් යෝජනා මට්ටමේදී මෙම ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඉස්ලාමීය බැංකුකරණ ඒකකය මගින් එහි මූල්‍ය පහසුකම් ව්‍යුහගත කිරීම සහ ලිපිලේඛන කළමනාකරණය කිරීම සිදුකරන ලදී.
මෙම ගනුදෙනුව යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ මෙගාවොට් 10 ක බිම්ගත සූර්ය බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ කාර්ය සමාගමක් වන සූර්යශක්ති (පුද්.) සමාගම වෙති Diminishing Musharak’ ’ ක්‍රමයට මූල්‍ය පහසුකම් සපයන ලදී.ිසූර්යබල සංග්‍රාමය’ යෝජනා ක්‍රමය යටතේ තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා ප්‍රදානය කරන ලද මෙම ව්‍යාපෘතිය, 2030 වසර සහ ඉන් ඔබ්බට ලංකාවේ පුළුල් පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙම ව්‍යාපෘතියෙහි මුළු පිරිවැය රුපියල් බිලියන 2.3 ඉක්මවන අතර, එය මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ විශාලත්වය සහ ක්‍රමෝපායික වැදගත්කම හඟවන සාධකයක් ලෙස හැඳින්විය හැක. සූර්යශක්ති (පුද්.) සමාගම යනු විදුලංකා පීඑල්සී සහ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී යන සමාගම් අතර හවුල්කාරීත්වයක් ලෙස ආරම්භ වූ සෝලාර් යුනිවර්ස් (පුද්.) සමාගමේ පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගමකි. තවද සෝලාර් යුනිවර්ස් (පුද්.) සමාගම මේ වන විට සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය මගින් මූල්‍ය පහසුකම් සපයන ලද මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ අධීක්ෂණ කටයුතු සිදුකරයි.
මෙම ගනුදෙනුව මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයටද අතිශයින් වැදගත්ය. වසර 20 ක් වැනි කෙටි ඉතිහාසයක් සහිත ඒකකයක් වුවද, සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය තමන්ට ෂරියා විධිවිධානවලට අනුකූල ක්‍රමවේද භාවිත කරමින් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ හැකියාව ඇති බව සනාථ කර ඇත. මෙම ගනුදෙනුව සඳහා අනුගමනය කළ Diminishing Musharaka ක්‍රමය, රටේ සංවර්ධන කටයුතුවලදී ඉස්ලාමීය මූල්‍යකරණය කෙතරම් ඵලදායී ලෙස යොදාගත හැකිද යන්න තහවුරු කරන මනා සාක්ෂියකි.
සෙලාන් ඉස්ලාමීය බැංකුකරණ ඒකකයට %වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානය