GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනයක් වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයන් සදහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2024 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පවත්වන ලදී.
සිය පාඨමාලා කාලය පුරාවට කැපී පෙනෙන කැපවීමක් සහ දක්ෂතා පෙන්නුම් කළ 200ට අධික උපාධි අපේක්ෂකයන් සදහා මෙහිදී උපාධි පිරිනමන ලදී. මෙය රැකවරණ සපයන්නන් සදහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම උපාධි ප්‍රධානෝත්සවය වේ. ඔවුන් මේ වන විට දේශීය හා ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත්ම ඉල්ලුමක් ඇති සුදුසුකම්වලින් සමන්විත ශ්‍රම බලකායට ඇතුලත් වේ. මෙම සම්භාවනීය අවස්ථාව සදහා ඉන්දියාවේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයේ පුරාණ ඉන්දියානු සංස්කෘතික හා පුරාවිද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය බීනා ගාන්ධි ඩිඕරි මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, නයින්වේල්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න, සාමාන්‍යාධිකාරී සැන්ටා ඩෝරා රෝහලේ වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සුරාඩෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ තවත් කැපීපෙනෙන ආරාධිතයෝ මීට සහභාගී වූහ.
සුරාඩෝ කැම්පස් උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව