විමුක්ති එස් රුද්‍රිගු
මුදල් අමාත්‍යාංශය ලබාදුන් ඉලක්කය පසුකර යමින් මෙම වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 120.5 ක බදු ආදායමක් වාර්තා කර ඇති බවත්, එය වසර මැද ආදායම් ඉලක්කය සියයට 2.6ක ප්‍රතිශතයකින් පසුකර යාමක් බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙම වසරේ පළමු මාස 6 දී සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ගනු ඇතැයි පුරෝකථනය කර තිබූ ආදායම් ඉලක්කය සියයට 102.6 ක ප්‍රතිශතයකින් පසුකර යාමටද සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව 2024 වසරේදී රුපියල් බිලියන 226.7 ක බදු ආදායමක් උපයා තිබූ අතර, 2023 වසරේදී රුපියල් බිලියන 178.1 බදු ආදායමක් උපයා තිබිණි.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ බදු ශක්ති මුලපිරීම යටතේ පසුගියදා පැවැති බදු සතියට සුරාබදු දෙපාර්තමේන්තුව සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබුණේය. මෑත කාලයේදී රජයේ ආදායමට සැලකිය දායකත්වයක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්