IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සුරා බදු දෙපාර්තමේන්තුවට ඩිජිටල් ආදායම් පරිපාලන පද්ධතියක්

  • Millennium LT.E.S.P සහ Metropolitan Technologies වෙත රුපියල් මිලියන 1,310.94 ක කොන්ත්‍රාත්තුවක්

නිමල කොඩිතුවක්කු

සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා සම්පුර්ණයෙන්ම ඩිජිටල් කරණය කරන ලද, ඒකාබද්ධ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2024.05.22 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

එකී පද්ධතිය මගින් බාධාවකින් තොරව දත්ත හුවමාරු කිරීම, අවදානම් කළමනාකරණය, ආදායම් තුලිත කරණය, ඉහළ නංවන ලද විනිවිදභාවය සහ වගවීම සක්‍රීය කිරීම අපේක්ෂා කරනු ලැබේ. එකී ආදායම් පරිපාලන පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම පිණිස තනි අදියර ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඉහළ මට්ටමේ ස්ථාවර 4 ) Millennium I.T.E.S.P (pvt) Ltd. Metropolitan Technologies (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 1,310.94 ක (බදුරහිත) මුදලකට ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ. එම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය වෙත අභියාචන තුනක් (3) ඉදිරිපත්ව ඇති අතර, එකී අභියාචනා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිෂ්ප්‍රභ කර ඇත. ඒ අනුව, සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වූ ප්‍රසම්පාදනය Millennium LT.E.S.P (pvt) Ltd. o Metropolitan Technologies (Pvt) Ltd. 5 කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

සුරා බදු දෙපාර්තමේන්තුවට ඩිජිටල් ආදායම් පරිපාලන පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site