කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී දර්ශක තවදුරටත් ඉහළ ගියේය. ඊයේ (ජුනි 04) මුල් භාගයේ දී තිබුණ පිබිදීම මධ්‍යහ්නය වනවිට අඩාල වූ නමුත්, අවසාන භාගයේ දී නැවත ප්‍රතිශ්ඨාපනය වනු නිරීක්ෂණය කළ හැකි විය. මුල්‍ය වාර්තා නිකුත්වන අතර, ඒවායේ තොරතුරු සහ සමාගම්වල ලාබ පදනම් කරගෙන ප්‍රකාශයට පත්කරන ප්‍රතිලාභ කොටස් ඉල්ලුම සඳහා බලපාන සාධකයක් වී ඇත.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,353.05 ක් වු අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 138.66 ක වර්ධනයකි. එස්.ඇන්.ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 5,159.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 28.38 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 37,121 ක් වාර්තා වූ අතර, සමාගම් 135 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 107 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 7,373.73 ක් විය. කොටස් මිලියන 271.0 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 323.9 ක කොටස් මිල දී ගෙන ඇත. විකිණීම රු. මිලියන 395.3 කි. ශුද්ධ විකිණීම් වශයෙන් රු. මිලියන 72ක ධනයක් රටින් බැහැර වී තිබේ. තවමත් විදේශ ආයෝජකයන්ගේ විකිණීමේ ප්‍රවණතාව පවතී.
හේමාස් හෝල්ඩිං රු. මිලියන 285 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 282 ක්, රෝයල් සෙරමික් රු. මිලියන 220 ක්, ස්විස්ටෙක් රු. මිලියන 183 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 162 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 153 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 148 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 147 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 128 ක්, හේලීස් රු. මිලියන 128 ක් සහ සම්පත් බැංකුව රු. මිලියන 126 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.
නිරීක්ෂක
සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි