
කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ (21) ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 19,044.08 ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 70.38 ක එනම් සියයට 0.37ක ඉහළ යාමකි.
ඒ අනුව එම දර්ශකය ඒකක 19,000 ඉක්මවමින් ගනුදෙනු නිමා වූ පළමු අවස්ථාව ලෙසින්ද මෙය සටහන්ව තිබේ. පසුගිය ජූලි 15 වැනිදා ගනුදෙනු ආරම්භයේදීම එම දර්ශකය ඒකක 19,050 ක් ලෙස සටහන් වුවත්, දිනය අවසානයේදී එය ඒකක 18,946 ක් ලෙස පහත වැටුණි.
එසේ ජූලි 16 වැනිදාත් එම දර්ශකය ඒකක 19,000 ක් ඉක්මවීමට සමත් වුවත් පසුව එය පහළ වැටුණි. මේ අතර ඊයේ දිනයේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා20 (S&PSL20) දර්ශකය ඒකක 5,646.99 ක් දක්වා ඒකක 8.44 කින් එනම් සියයට 0.15 කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 216 ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 5.3 ක පිරිවැටුමක් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 ඉක්මවයි