ජූනි මාසයේ අවසන් දිනය ලෙස ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදුවිය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,026.72 ක් දක්වා ඉහළ ගිය අතර, එය එම දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද ඉතිහාසයට එක් විය. එහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 153.98 කින් එනම් සියයට 0.86 කින් එය ඉහළ යාම සිදුවිය.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකයත් ඊයේ දිනයේදී ඒකක 5,352.51 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 69.45 කින් එනම් සියයට 1.31 කින් ඉහළ යාමක් සිදුවිය. මේ අතර දිනය තුළ කොටස් මිලියන 257.3 ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.3 ක් ලෙස සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,000 ඉක්මවයි