IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


සියලු කොටස් මිල ජිනි මාසයේ දී සියයට හයකින් ඉහළට

කොටස්   වෙෙළඳපොළ වර්ධනකාරී බලාපොරොත්තු සහිතව අලුත් මාසයකට අවතීර්ණ වී සිටී. ජුනි මාසයේ දින විස්සක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 2,047 කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 5.98 වාර්තාගත පිබිදීමකි. එකී පසුබිම තුළ උච්ඡාවචන ගණනාවක් වාර්තා විය. මෙම වසරේ ජනවාරි සිට ජුනි 25 දක්වා කාලය අතර ලැයිස්තුගත සමාගම් විසින් රුපියල් බිලියන 139 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. එය පැහැදිලිවම දිගු හා මධ්‍ය කාලීන ආයෝජනවලට ලාබදායී පසුබිමකි. 

මේ අතර ඉකුත් වසර දෙක හා සමානව මෙම වසරේ දී ද ආරම්භයේ සිට පසුගිය සතිය දක්වා දැනට ගණන් බලා ඇති දත්ත අනුව විදේශ ගනුදෙනුවලින් ශූද්ධ අවාසියක් සිදු වී තිබේ. මෙම කාලය තුළ මෙරටින් බැහැර වූ මුදල රු.මිලියන 9,029 කි. විදේශ අංශය වාසිදායක ලෙස හසුරුවාගන්නට සමත්වූයේ 2022 වසරේ දී වන අතර එම වසරේ දී රු. මිලියන 30,606 විදේශ මුදල් රටට ලැබුණි. ඊයේ (ජුනි 30) ගනුදෙනුවල දී ද විදේශීය සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගියේය. මිල දී ගැනීම් රු. මිලියන 163.7 ක් වූ අතර විකිණීම් රු. මිලියන 298.7 කි. ශ්‍රි ලංකාවෙන් පිටතට ගිය ශුද්ධ විනිමය ප්‍රමාණය රු. මිලියන 441.47 කි. 

ඊයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,026.72 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 153.98 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,352.51 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 69.45 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 6,381.81 කි. කොටස් මිලියන 257.3 ක් හුවමාරු වූ බව දැක්වේ. ජුනි මාසය තුළ පමණක් රු. බිලියන 333 කින් ප්‍රාග්ධණීකරණය වර්ධනය වී ඇත. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 36,239 කි. සමාගම් 149 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 96 කි. 

ජෝන් කීල්ස් රු. මිලියන 369 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 267, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 255, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 185, සම්පත් රු. මිලියන 172 ක්, පෑන් ඒෂියා රු. මිලියන 158 ක්,  ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

 



අදහස් (0)

සියලු කොටස් මිල ජිනි මාසයේ දී සියයට හයකින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site