IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


සියපත ෆිනෑන්ස් රු.බි. 3.75ක ණයකරයට ෆිච් BBB+ ශ්‍රේණියක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3.75 ක් වටිනා ණයකර නිකුතුව වෙත ස්ථාවර ඉදිරිදැක්මක් සහිතව BBB+ අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 

වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකරය පසුව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද සමාගම සැලසුම් කර සිටියි. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සිය අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීමට සහ ණය පොත පුළුල් කරගැනීමට සහාය කරගන්නා බව සියපත ෆිනෑන්ස් පවසා තිබේ. 

ෆිච් රේටින්ග්ස් ආයතනය මේ වනවිට සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත BBB+ සිට A ශේණියක් ලබාදී ඇති අතර, එහි මව් සමාගම වන සම්පත් බැංකුව වෙත A සිට AA- ශ්‍රේණියක් ලබාදී තිබේ. 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් රු.බි. 3.75ක ණයකරයට ෆිච් BBB+ ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site