IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සියපත ෆිනෑන්ස් තවත් ණයකර නිකුතුවකින් රු.බි. 4ක් රැස් කිරීමට සැරසෙයි

භානුක අමරසිංහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කරන ණයකරයක් හරහා රුපියල් බිලියන 4ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා රැස්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදුකිරීම සැලසුම වී තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර ඇති අතර, නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 4කි. මෙම නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීමත් සැලසුමවී තිබේ. එසේම ඊට අදාළ පොලී අනුපාත මහ බැංකුවේ උපදෙස් අනුව තීරණය වන බවත් සමාගම පවසයි. කෙසේ වෙතත් අදාළ බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සැලසුම බවත්, මෙම නිකුතුව සම්බන්ධයෙන් සියලු‍ම නියාමන පාර්ශ්වයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම පසවයි.



අදහස් (0)

සියපත ෆිනෑන්ස් තවත් ණයකර නිකුතුවකින් රු.බි. 4ක් රැස් කිරීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site