IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


සියපත ෆිනෑන්ස් ණයකර නිකුතුවට CSE අනුමැතිය

භානුක අමරසිංහ


සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. ඒ අනුව ලබන ජූනි 19 වැනිදා මෙම ණයකර මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමට නියමිතව තිබේ. 
මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගතහැකි ණයකර නිකුතුවක් ලෙස මෙය විවෘත කෙරෙන බව සමාගම පවසයි. මෙම ණයකර නිකුතුව වසර පහකින් කල් පිරීමට නියමිත අතර සියයට 11.40ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් ඊට හිමි වෙයි. 
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව පවසයි. එසේම එම නිකුතු දෙකම හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ.

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් ණයකර නිකුතුවට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site