භානුක අමරසිංහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට සැලසුම් කර ඇති ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 4 සිට බිලියන 3.75ක් දක්වා අඩු කෙරෙන බව එම සමාගම පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.
මුල් යෝජනාවට අනුව සමාගම මගින් ලැයිස්තුගත, වර්ගකෙරුණු, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 40ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කිරිමට බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියන 4 කි.
කෙසේ වෙතත් අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මෙම නිකුතුව යටතේ මුලින්ම ණයකර කොටස් මිලියන 20ක්ද, ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක්ද නිකුත් කිරිම යෝජනා වී තිබේ. මෙම අවස්ථා දෙකටම හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 7.5ක් නිකුත් කරන බව සමාගම පවසයි. මෙම ණයකර වසර පහකින් කල්පිරෙන ලෙස නිකුත් කෙරේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 37.5ක් වන අතර, රැස් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 3.75ක් ලෙස සටහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බව සියපත ෆිනෑන්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි. සියපත ෆිනෑන්ස් සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගමකි.
සියපත ෆිනෑන්ස් ණයකර නිකුතුවේ වටිනාකම රු.බිලියන 3.75ක් වෙයි