IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


සියැට් කැලණි වෙතින් දේශීයව නිෂ්පාදිත නව රේඩියල් ටයරයක්

සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලුත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත.

295/80 R 22.5 TL ප්‍රමාණයේ ට්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප්‍රවාහන රථ, ට්‍රක් රථ සහ අනෙකුත් විශාල භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා කදිම ටයරයක් බවද ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා මෙම ටයරය ඉතා සුදුසු බවත් එම සමාගම ප්‍රකාශ කරයි.

ආනයනය මත යැපීම අවම කර විදේශ විනිමය සංරක්‍ෂණය කිරීමේ ජාතික ප්‍රයත්නයට සහාය දැක්වීමේ සියැට් කැලණි අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙය දියත් කෙරෙයි.
නිෂ්පාදනය කළ දින සිට වසර තුනක නිෂ්පාදන දෝෂ සඳහා වගකීමක් සහිත නව ට්‍රක් බස් රේඩියල් ටයරය, ශ්‍රී ලංකාවේ තත්ත්වය තුළ අමතර සැතැපුම් ප්‍රමාණයක් සහ වඩා හොඳ කාර්යසාධනයක් ලබා දීමට නිර්මාණය කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි.

“මෙය ට්‍රක් බස් රේඩියල් කාණ්ඩයේ සුපිරි නිෂ්පාදනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අංශයේ අවශ්‍යතා පිළිබඳ අපගේ අවබෝධය සහ වෙළෙඳපොළේ අභියෝග මධ්‍යයේ වුවද නව නිෂ්පාදන සංවර්ධනය සඳහා අපගේ අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කරයි.” යැයි සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඩ්ලානි මහතා පැවැසීය.

 “අපගේ වාණිජ ටයර් පාරිභෝගිකයන් සඳහා මෙහෙයුම් පිරිවැය ඉහළ යෑමත් සමග, ආනයනවල කාර්යසාධන පරාමිතීන් සපුරාලීමට හෝ ඉක්මවා යෑමට හෝ සැලැසුම් කර ඇති තරගකාරී මිල නිෂ්පාදනවල අවශ්‍යතාවය වඩාත් උග්‍ර වී ඇති අතර, අපගේ ‘වින්මයිල්’ ටයර් පරාසය සමග අපි මෙම අවශ්‍යතාවය සපුරාලන්නෙමු.” යැයි ද ඔහු තවදුරටත් අවධාරණය කළේය.

595



අදහස් (0)

සියැට් කැලණි වෙතින් දේශීයව නිෂ්පාදිත නව රේඩියල් ටයරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site