IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සම්පත් බැංකුවෙන් රු.බිලියන 20ක ණයකර නිකුතුවක්


භානුක අමරසිංහ


සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 20 ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ සඳහා වන යෝජනාව වෙත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 17 වැනිදා අනුමැතිය ලබාදී තිබේ. 

ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකරයක් /හෝ හරිත සහ / හෝ තිරසර බැඳුම්කරයක් ලෙස මෙය නිකුත් කිරීමට යෝජනා වී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී උපරිමව ණයකර/හෝ හරිත සහ / හෝ තිරසර බැඳුම්කර කොටස් මිලියන 200ක් (200,000,‍000ක්) නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100 බැගින් රැස් කෙරෙන සමස්ත වටිනාකම රුපියල් බිලියන 20 කි. එහිදී සියලු‍ම කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන ආයතනවල අනුමැතිය මේ සඳහා හිමිවිය යුතුව ඇති බවත්, වසර දෙකක කාලයක් තුළ සිදු කරන නිකුතු දෙකක් හරහා මෙම මුදල රැස් කරගන්නා බවත් බැංකුව පවසයි.



අදහස් (0)

සම්පත් බැංකුවෙන් රු.බිලියන 20ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site