භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
මෙහිදී පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5 කි. මෙම ණයකර නිකුතුව සඳහා සියයට 11.75ක ස්ථාවර වාර්ෂික පොලියක් ගෙවන බවත් බැංකුව පවසයි.
මෙම ණයකර නිකුතුව වෙත හිමිවන අධි ඉල්ලුමත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව අදහස් කරගෙන සිටියි. එසේම එම නිකුතුව වෙත ද අධි ඉල්ලුමක් හිමිවුවහොත් තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කරන බව බැංකුව පවසයි.
ඒ අනුව මෙම නිකුතුව හරහා සිදු කරන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 100 කි. එම නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ.
සම්පත් බැංකුවෙන් රු.බි. 10ක ණයකර නිකුතුවක්