IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්

භානුක අමරසිංහ


මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ඊයේ (18) කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී ණයකර කොටස් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සඳහා අයැදුම්පත්‍ර ලැබී තිබේ.
මෙහිදී බැංකුව මගින් බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි පස් අවුරුදු (2025/30) ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි. 
ඒ යටතේ පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50 ක් (50,000,000ක්) නිකුත් කෙරුණු අතර, ඊට ලැබුණු අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කර තිබේ. එසේම එම නිකුතුවට ද ලැබුණු අධි ඉල්ලු‍මක් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30 ක් නිකුත් කෙරී තිබිණි.



අදහස් (0)

සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site