භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිංහ හොස්පිටල්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සමන් ජූඞ් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
ජූඞ් ප්‍රනාන්දු මහතා සතුව ඖෂධ, රක්ෂණ, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, කිරි, ඉදිකිරීම් සහ බෙදාහැරීම් යන ක්ෂේත්‍ර ගණනාවක වසර 32කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. එසේම ඒ මහතා වසර 16කට අධික කාලයක් මෙරට ප්‍රධානතම සමාගම් කිහිපයකම ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ධුර දරා ඇත. ආසන්න කාලසීමාවේදී ඒ මහතා හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල් ඇන්ඞ් ඩයග්නෝස්ටික්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා විය. ඊට පෙර ඒ මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. සිංහ හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙන්ම වැඩිම කොටස්හිමිකරුවා වන්නේ අමරකෝන්. එම්. වීරසිංහ මහතාය.
සමන් ජූඞ් ප්‍රනාන්දු සිංහ හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට