IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට

 


නිමල කොඩිතුවක්කු


සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම පිණිස සංශෝධනයක් ඇතුළත් කිරීම සඳහා 2017 අංක 2 දරන දිවි නැගුම (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම පිණිස 2024 -12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site