IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සමාජ සේවයට දිගහැරුණු හොරයිසන් ලියෝවන්ගේ උත්සාහය

Leo Club of Horizon Campus විසින් poverty and Better Life’’ යන තේමාව යටතේ  ක්‍රියාත්මක කරන ‘‘සහයෝග’’ ව්‍යාපෘතිය සමාජයට වටිනා ආදර්ශයක් ලබාදුන්න සාර්ථක වැඩ සටහනක්  ලෙස ඉදිරියට පැමිණ ඇත. මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයකින් සාර්ථකව ක්‍රියාත්මක කර අවසන් කර ඇති අතර එහි ප්‍රධාන අරමුණ වූයේ කුඩා ව්‍යාපාර කරමින් ජීවිතය ගොඩනගා ගන්නා පුද්ගලයන්ට සහය වීමයි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස Horizon Campus හි කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන සිසු සිසුවියන් සඳහා  අලෙවි කුටි සකස් කර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව ලබාදීම සිදු කෙරිණි. එය ඔවුන්ගේ ව්‍යපාරික හැකියාව ප්‍රදර්ශනය කිරීමට සහ ආදායම් අවස්ථා පුළුල් කර ගැනීමට මහත් ආධාරයක් විය.
දෙවැනි අදියර ලෙස කඩුවෙල හේවගම කණිෂ්ඨ විද්‍යාලයේ මවුපියන් ඉලක්ක කර ගනිමින් විශේෂ ව්‍යාපාරික වැඩ මුළුවක් සංවිධානය කරන ලදී. මෙම වැඩ මුළුව සඳහා Horizon Campus හි  කුඩා ව්‍යාපාර කරමින් සිටින සිසුන්ම සම්පත්දායකයින් ලෙස සහභාගී වූ අතර ඔවුන්ගේ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් මවුපියන් සමග බෙදා ගන්නා ලදී.
මෙම වැඩමුළුව තුළ කුඩා ව්‍යාපාර ආරම්භ කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදීම විශේෂත්වයකි.



අදහස් (0)

සමාජ සේවයට දිගහැරුණු හොරයිසන් ලියෝවන්ගේ උත්සාහය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site