IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන්

  • රැස් කරගත් සමස්ත සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල වටිනාකම රුපියල් බිලියන 250.87ක්

භානුක අමරසිංහ

2024 වසරේදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වැඩිම දායකත්වය සේවා අංශයෙන් ලැබී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එය රැස් කරගත් සමස්ත සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල වටිනාකම වන රුපියල් බිලියන 250.87න් රුපියල් බිලියන 121.51ක් එනම් සියයට 48.43 කි. 

එසේම නිෂ්පාදන අංශයෙන් සහ ආනයන අංශයෙන් පිළිවෙළින් රුපියල් බිලියන 64.97ක සහ රුපියල් බිලියන 64.39ක දායකත්වයක් ලබාදී ඇති අතර, එම අගය සමස්ත ආදායමෙන් සියයට 25.90ක් සහ සියයට 25.67ක් ලෙස සටහන්ව තිබේ. 

2024 වසරේදී මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බදු යටතේ රැස් කරගත් වටිනාකම වන රුපියල් බිලියන 250.87ක මුදල, 2023 වසරේදී රැස් කරගත් රුපියල් බිලියන 216.18 හා සැසඳීමේදී රුපියල් බිලියන 34.69ක එනම් සියයට 16.05ක වර්ධනයකි. 2024 දී මෙම බදු යටතේ රැස් කිරීමට අපේක්ෂා කළ මුදල රුපියල් බිලියන 250ක් වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර 2024 වසර අවසන් වනවිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 12,097ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2023 වසර අවසන් වන පිට පැවැති 8,107 හා සැසඳීමේදී 3,990 ක ඉහළ යාමකි.



අදහස් (0)

සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site