IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් ඉවතට


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් දෙකක් ඊයේ (08) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. එහි ප්‍රධාන නියාමන නිලධාරී නිලූපා පෙරේරා විසින් ඊට අදාළ නිවේදනය තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට්ස් පීඑල්සී යන සමාගම් මෙලෙස එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරේ. මේ අතරින් සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම සෙරෙන්ඩිබ් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමට අයත් සමාගමක් වන අතර, එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට්ස් පීඑල්සී සමාගම එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් සමාගමකි. 



අදහස් (0)

සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site