IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සැබෑ මුදල් භාවිත කරමින් අන්තර්ජාල ක්‍රීඩා තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනී

විමුක්ති එස් රුද්‍රිගු


අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ඉන්දීය ලොක් සභාව පෙරේදා (20) සම්මත කළේය.
එම පනත් කෙටුම්පත මගින් සැබෑ මුදල් භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමද තහනම් වේ. එසේම වැනි සේවා සඳහා මුදල් ගෙවීම සඳහා පහසුකම් සැපයීමද එරට බැංකුවලට තහනම් ය.
පනත් කෙටුම්පත ලොක් සභාවට ගෙන එමින් තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් කර සිටියේ අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා හේතුවෙන් සමාජයට සිදුවන අයහපතින් සමාජය ගලවා ගැනීමට මාර්ගගත ක්‍රීඩා ප්‍රවර්ධනය සහ නියාමනය සඳහා වන පනත් කෙටුම්පත ගෙන එන බවයි.
ඒ යටතේ අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා සපයන්නන්ට වසර තුනකට නොවැඩි සිර දඬුවමක් හෝ ඉන්දීය රුපියල් කෝටි 1 කට නොවැඩි දඩයක් නියම වනු ඇති අතර ප්‍රවර්ධනය කරන්නෙකුට රුපියල් ලක්ෂ 50 ක දඩයක් හෝ වසර දෙකකට නොවැඩි සිර දඬුවමක් නියම වුන් ඇත.



අදහස් (0)

සැබෑ මුදල් භාවිත කරමින් අන්තර්ජාල ක්‍රීඩා තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site