IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


සැප්තැම්බර් පළමු දිනයේදීම ASPI ඒකක 21,000 පසුකරයි

සැප්තැම්බර් මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (01) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමුවරට ඒකක 21,000 පසුකරමින් ඒකක 21,062.45ක් ලෙස සටහන් විය. 

මෙය පෙර දිනයට සාපේක්ෂව එම දර්ශකය ඒකක 65.09ක එනම් සියයට 0.31ක ඉහළ යාමක් විය. කෙසේ වෙතත් ස්ටෑන්ටර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකය ඒකක 6,071.36ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 5.43කින් එනම් සියයට 0.09කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 533ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 13ක පිරිවැටුමක් වාර්තා විය. 

 



අදහස් (0)

සැප්තැම්බර් පළමු දිනයේදීම ASPI ඒකක 21,000 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site