IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


සිනමන් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය එක්ව සංවිධානය කරන 30 වැනි ‘ෆැසට්ස් 2024’ (FACETS) මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අනිද්දා (6) සිට (8) වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අනුසාරයෙන් නිමවූ ප්‍රදර්ශන කුටිවලින් සමන්විත අතර මැණික්, ප්‍රධාන ස්වර්ණාභාරණ, තිරසාර සහ දුර්ලභ මැණික් නිර්මාණ ලෙස එම කුටි වර්ග කර තිබේ. එම කුටිවලට අමතරව විශේෂ කුටි කීපයක් ද මෙවර ප්‍රදර්ශයට එක්කර තිබේ.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශන ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ලෝකයේ අත්කරගෙන තිබෙන ඉහළ කීර්තිනාමය විදහාදක්වන විශේෂ සංධිස්ථානයක් බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා පැවසීය. 



අදහස් (0)

සිනමන් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site