IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සෙරෙන්ඩිබ් ලෑන්ඩ්හි සියයට 25.48ක් හිමි කරගනී

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටස් 101,643ක් මිලදී ගැනීමට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සම්පත් බැංකුව හා එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා පසුගියදා පියවර ගෙන තිබේ. මෙය සමාගමේ සමස්ත කොටස් අතරින් සියයට 25.48 ක ප්‍රතිශතයකි. 

සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ තනි වැඩිම කොටස් හිමිකරුවා වූ ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම අලෙවි කළ කොටස් මෙලෙස එම සමාගම මගින් මිලදී ගෙන තිබේ. එහිදී කොටසක් රුපියල් 1500.00 කට මිල කෙරී ඇත. එහි වටිනාකම රුපියල් 152,464,500 කි.

එම අලෙවිය සිදු කරන අවස්ථාව වනවිට ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටස් 105,425ක් එනම් සියයට 26.43ක හිමිකාරීත්වයක් පැවතුණි. සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් මිලදී ගත් කොටස් 101,643ට අමතරව තවත් කොටස් 100ක් වෙළෙඳපොළ වෙත අලෙවි කිරිමට ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පියවර ගෙන තිබේ. මෙය සියයට 0.02ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 1500 සිට 1580 දක්වා මුදලකට එම අලෙවිය සිදු කර ඇත.



අදහස් (0)

සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සෙරෙන්ඩිබ් ලෑන්ඩ්හි සියයට 25.48ක් හිමි කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site