භානුක අමරසිංහ
අබාන්ස් ඉලෙක්ට්‍රි-කල්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සනත් චින්තක කොඩිප්පිලිකන්ද මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. පසුගිය ජූලි 04 වැනිදා මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ලබන ජූලි 31 වැනිදා සිට මෙම පත් කිරීම බලාත්මක වන බව එම සමාගම සඳහන් කරයි.
මෙතෙක් කලක් එම ධුරය හෙබවූ ජගත් කුමාර විජයබණ්ඩාර ජයසුන්දර මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ ධූරය සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ. සනත් චින්තක මහතා මීට පෙර අබාන්ස් ඉංජිනියරින්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා සතුව අලෙවිකරණ කළමනාකරණ, ව්‍යාපෘති කළමනාකරණ, ඉංජිනේරු, ව්‍යාපාර සංවර්ධන සහ අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් අබාන්ස් සමූහය තුළ මෙන්ම වැලිබල් සමූහය තුළත් වසර 25 කට වැඩි අත්දැකීම් සහිත බව පවසයි.
සනත් චින්තක අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට