
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී අංක 33/34 ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට් (Lindel) හි පිහිටි සෙන්ට් රෙජිස් පැකේජින් පෞද්ගලික සමාගම ජනාධිපති පරිසර සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙල මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කරන ලද්දකි. මෙහිදී 2024 වර්ෂය තුළ පරිසරය සුරැකීම වෙනුවෙන් ඉටු කරන ලද කාර්ය සාධනය හා කර්මාන්තය මෙතෙක් ලබාගත් තත්ව සහතික සැලකිල්ලට බඳුන් කර ඇත. සෙන්ට් රෙජිස් පැකේජින් පෞද්ගලික සමාගම 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි පරිසර කළමනාකරණ ප්‍රතිපත්තියක්ද (Environmental Management Policy) හඳුන්වා දුන්නේය. එය තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම (ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය හා පාරිසරික සංවර්ධනය) එනම් තිරසාර භාවිතයන් කර්මාන්ත හා ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම අරමුණු කරගෙන කර්මාන්ත ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.
ඒ අනුව ක්‍රියාත්මක වීම, අනුකූලතාව එනම් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය හා පාරිසරික බලපෑම් අවම හා පාලනය කිරීමට අදාළ වන සියලුම පාරිසරික නීති හා රෙගුලාසි සහ කර්මාන්ත ප්‍රමිතීන්ට පූර්ණ අනුකූලතාවක් සහතික කිරීම, තිරසාර සම්පත් භාවිතය ප්‍රවර්ධනය කිරීම හා පරිසර හිතකාමී භාවිතාවන්වලට අනුගත වීම, වායු විමෝචනය පාලනය, අපද්‍රව්‍ය අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය පාරිසරික දූෂණය අවම කිරීම හා පාලනය කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය දිරිමත් කිරීම හා පරිසර හිතකාමී ලෙස අදාළ බැහැර කිරීම් ක්‍රම ක්‍රියාත්මක කිරීම, පාරිසරික වගකීම් පිළිබඳ සේවකයන්, සැපුයම්කරුවන් හා ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම, පාරිසරික කාර්ය සාධනය නිතිපතා තක්සේරු කිරීම හා වැඩිදියුණු කිරීම ඇතුළු පාරිසරික සංරක්ෂණය හා කළමනාකරණය සඳහා අදාළ ක්‍රමෝපාය ක්‍රියාවේ යෙදවීමට හා එහි වගකීම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය බාරගෙන ඇත.
වැඩිමනත් වශයෙන් කර්මාන්ත ක්‍රියාකාරීත්වයෙන් පරිසරයට මුදා හරිනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුව (CO2) පාලනය කර ඇත. එනම් අමුද්‍රව්‍ය ^Raw meterial& භාවිතයේ සිට අවසාන නිෂ්පාදනය (Final Product) දක්වා ක්‍රියාවලිය තුළ කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම පාලනය කර ඇත.
මෙයට පෙර තේ කර්මාන්තයේදී ඇසුරුම් ක්‍රියාවලිය ^Bulk Tea& සඳහා ගස් කපා තේ පෙට්ටි නිෂ්පාදනය කර ඇත. එහෙත් අපගේ කර්මාන්ත ක්‍රියාවලිය තුළ ටී ඇසිරීමේ ක්‍රියාවලියට ^Bulk Tea& අවශ්‍ය ඇසුරුම් සඳහා කඩදාසි බෑග් නිෂ්පාදනය කර දෙනු ලැබේ. මෙමගින් රටේ විශාල ගස් ප්‍රමාණයක් ඉතිරි කරමින් අප පරිසරය සුරැකීම සඳහා ඍජුවම දායක වී ඇත.
ඒ අනුව කර්මාන්ත ක්‍රියාවලිය තුළ කාබන් පිය සටහන (Carbon Foot Print) අවම කර ඇත. කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (Paper Roll) මගින් බෑග් නිෂ්පාදනයේදී (Paper bags) ඉතිරි වන කඩදාසි කොටස් (Solid waste) වලින් නැවත කුඩා බෑග් (Mini bags) නිෂ්පාදනය කරනු ලැබේ. (3K සංකල්පය පරිදි) තවද ශ්‍රී ලංකාව තුළ පාරිසරික සංරක්ෂණය හා කළමනාකරණය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිරතුරුවම දායක වෙයි.
සෙන්ට් රෙජිස් පැකේජින් සමාගමට ජනාධිපති පරිසර සම්මානය