IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සාධාරණ වෙළඳාම - අවවාදවල සීමා සලකුණු කිරීම

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී වඩාත් පරෙස්සම් සහගතබවක් ගැන පුන පුනා කරන නිවේදන ගනුදෙනුකරුවන් අධෛර්යයට පත් කරන බව නිරීක්ෂණය කළ හැකිය. කොටස් වෙළෙඳාම සාධාරණ නැත. එය තරගකාරී මෙවලමකි. නීති ගණනාවකින් ආවරණය කරන ලද සූදු ක්‍රීඩාවක් බවට ද අර්ථ දැක්විය හැකිය. එහි තරම දැනගෙන ආයෝජනය කරන අයවලුන් අමතා පරෙස්සසම්වන ලෙස නිතර කරන අවවාද නොගැළපෙන බව දෙස් විදෙස් විශේෂඥ මතය වී තිබේ. වෙළෙඳපොළ ආයෝජන සම්බන්ධයෙන් තව තවත් සාරධර්ම ඇති කිරීමෙන් පසු අනපේක්ෂිත පැතිකඩ නිර්මාණය විය හැකි බව ද ඔවුහු අනාවරණය කරති.

අවදානමක් රහිතව ආයෝජනය කළ හැකි පැති තිබේ. දේපොල මිල දී ගැනීම, තැන්පත් කිරීම නය කර හෝ බැඳුම්කර මිල දී ගැනීම විය හැකිය. තරගකාරී කොටස් මිල දී ගැනීම අවදානම දැනගෙන කරන ආයෝජනයකි. පාසල් දරුවන්ගේ සිට ගම්දනව්ල කරන ප්‍රවර්ධන වැඩසටහන් දක්වා ද සහ ජාත්‍යන්තරයේ කරන රෝඞ් ෂෝ මගින් ද ආයෝජනය පුන්‍ල් කරන අතරවාරයේ මතුවිය හැකි අවදානම නැග නැවත නැවතත් සිහිපත් කිරීම නොගැළපෙන බව ද ඔවුහු අවධාරණය කරති. නීති විරෝධී ගනුදෙනු හෝ අභ්‍යන්තර තොරතුරු මත කරන විෂමාචාර නතර කිරීමට පියවර ගැනීම වැදගත් වන අතර තරගකාරීත්වය සීමා කිරීමට ඉවහල්වන ප්‍රතිපත්ති හඳුන්වාදීම නොවැදගත් බව ද පෙන්වා දෙන කරුණකි.

කෙසේ වෙතත් මෙම ස්වභාවය ඉදිරියේ කොටස් වෙළඳාම මෙතෙක් තිබුණ ජවය සීමාසහිත තැනකට තල්ලු කර ඇති අතර ඊයේ ගනුදෙනු අවසානයේ දී (දෙසැ.18) වෙළඳ පොල දුර්වල විය. ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,292.57 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 37.12 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,066.43 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 3.90 ක සුළු පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 2.34 කි. ගනුදෙනු 19,771 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 57.13 ක් විය. පිරිවැටුම හා කොටස් ප්‍රමාණය අඩුවෙමින් තිබේ. සමාගම් 131 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 122 කි. 
 
නිරීක්ෂක 



අදහස් (0)

සාධාරණ වෙළඳාම - අවවාදවල සීමා සලකුණු කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site