IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


සතියේ තෙවැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් හුවමාරුව මෙම සතියේ තෙවැනි දිනටත් කැපී පෙනෙන පහළ වැටීමෙන් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය යළිත් ඒකක 17,000 සීමාව වෙත පසුබසිමින් ඒකක 17,071.44ක් ලෙස සටහන් විය. එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 210.51ක එනම් සියයට 1.22 ක පසුබැසීමකි.
 එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයත් ඊයේ දිනයේදී ඒකක 5,094.31ක් දක්වා පහත වැටුණු අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 57.43ක් එනම් සියයට 1.11 ක පසුබැසීමකි. දිනය තුළ කොටස් මිලියන 181.2ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 3.89 ක පිරිවැටුමක් වාර්තා විය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ දරුණු වෙමින් පවතින යුද ගැටුම් තත්වය නිසා මතුව තිබෙන අස්ථාවරත්වය වෙළෙදපොළ වෙත බලපා තිබෙන බව විශ්ලේෂකයෝ පවසති. 



අදහස් (0)

සතියේ තෙවැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site