IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට

අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,811.47ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 69.43කින් එනම් සියයට 0.44 කින් ඉහළ නැග්ගේය. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (SandPSL20) දර්ශකය ඒකකය 4,653.39ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 20.88 කින් එනම් සියයට 0.45කින් ඉහළ ගියේය. දිනය තුළ කොටස් මිලියන 89.5ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.79ක් ලෙස සටහන් විය. එහිදී සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 799ක් එනම් සියයට 28.61ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශයේ සමාගම් දායක විය. එසේම සමාගම් 120ක වටිනාකම් ඉහළ ගිය අතර, සමාගම් 73ක වටිනාකම් පහළ බැසීමක් සිදුවිය.



අදහස් (0)

සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site