IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


සතිය ආරම්භයේදී කොටස් වෙළෙදපොළ වර්ධනයක්

නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ ඊයේ (19) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.

සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව, CT හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

කෙසේවෙතත් සමාගම් 81 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබියදී සමාගම් 108 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂය පහළ ගොස් තිබීමද ඊයේ දක්නට තිබුණි. 

රු.බි. 2.6ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ වාර්තා වූ අතර අඛණ්ඩව හයවැනි දිනටත් සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

 



අදහස් (0)

සතිය ආරම්භයේදී කොටස් වෙළෙදපොළ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site