×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 නොවැම්බර් මස 30 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
සති තුනක අඛණ්ඩ වර්ධනයෙන් පසු කොටස් වෙළෙඳපොළ පහළට
කතෘ මණ්ඩලය 2026 නොවැම්බර් මස 23
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
සියලු කොටස් මිල දර්ශකය
ඒකක 21,369.72 ක් දක්වා
සියයට 2.97කින් පහළට
S&P SL200 දර්ශකය
සියයට 3.47කින් පහත වැටී
ඒකක 6,075.28ක් වෙයි
පිරිවැටුම පෙර සතියට
සාපේක්ෂව
සියයට 9.25කින් පහළට
රුපියල් මිලියන 875.95ක
ශුද්ධ විදේශීය
ආයෝජන මිලදී ගැනීමක්
කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගිය සති තුන පුරා පෙන්නුම් කළ අඛණ්ව වර්ධනයට තිත තබමින්, නොවැම්බර් 13 සිට 20 වැනිදා දක්වා වූ සතිය තුළ කැපී පෙනෙන පසුබෑමකට ලක් වූ බව කොටස් තැරැව්කාර ආයතනයක් වන කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පවසයි.
ඒ අනුව සතිය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 654.46කින් හෙවත් සියයට 2.97කින් පහළ ගොස් ඒකක 21,369.72ක් ලෙස සටහන් විය. S&P SL20 දර්ශකය ද සියයට 3.47කින් පහත වැටී ඒකක 6,075.28ක් දක්වා පහළ බැස තිබේ.
සමස්ත සතියේ පිරිවැටුම පෙර සතියට සාපේක්ෂව සියයට 9.25කින් පහළ ගොස් රුපියල් බිලියන 20.21ක් (දෛනික සාමාන්‍යය රුපියල් මිලියන 4,041.51ක්) ලෙස වාර්තා වී තිබේ..
කෙසේ වෙතත්, 2025 වසරේ අදාළ සතියට සාපේක්ෂව දෛනික සාමාන්‍ය පිරිවැටුම සියයට 101ක මට්ටමක පැවතීම විශේෂත්වයක් බව කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පවසයි.
සතියේ කාර්යබහුලම දිනය වූ සඳුදා (නොවැම්බර් 16) පිරිවැටුම රුපියල් මිලියන 10,479ක් වූ අතර, කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා සමාගමේ රුපියල් මිලියන 3,976.50ක විශාල ගනුදෙනුවක් ඊට ඇතුළත් විය. සමස්ත සතිය තුළ ගනුදෙනු 87,571කදී කොටස් මිලියන 468.40ක් හුවමාරු විය.
මේ අතර වෙළෙඳපොළේ කර්මාන්ත කාණ්ඩ 20න් 19ක්ම පසුගිය සතියේ පහළ බැස තිබේ.
ඒ අතරින් ඉහළම පසුබෑම ලෙස දේපළ වෙළඳාම් අංශය සියයට 5.48කින් ද, මෘදුකාංග හා සේවා (Software & Services) අංශය සියයට 5.05කින් ද පහළ බැස තිබේ.
කෙසේ වෙතත් සතිය තුළ වාර්තා කළ එකම වර්ධනය ලෙස ප්‍රවාහන (Transportation) අංශය සියයට 2.45 ඉහළ යාමක් සටහන් කර තිබේ.
විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම පෙර සතියේ රුපියල් මිලියන 1,296.07ක ශුද්ධ විදේශීය විකිණුම් වාර්තා වූ පසුබිමක, පසුගිය සතියේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 875.95ක ශුද්ධ ගැනුම්කරුවන් බවට පත්වීම කැපී පෙනෙන බවත් කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පවසයි.
එහිදී ඔවුන් රුපියල් මිලියන 1,227.53ක කොටස් මිලදී ගත් අතර, විකිණීම් රුපියල් මිලියන 351.58කට සීමා වී තිබේ. කෙසේ වෙතත් සතියේ අවසන් දින තුන තුළ විදේශිකයන් ශුද්ධ විකිණුම්කරුවන් වූ බවද වාර්තා වෙයි.
අදහස් (0)
සති තුනක අඛණ්ඩ වර්ධනයෙන් පසු කොටස් වෙළෙඳපොළ පහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
සති තුනක අඛණ්ඩ වර්ධනයෙන් පසු කොටස් වෙළෙඳපොළ පහළට