IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් හිමිකම් නිකුතුවක්

භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කරන බව පවසයි. පසුගියදා එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 
ඒ අනුව හිමිකම් කොටස් 52,267,278ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් කොටසක් රුපියල් 10ක් බැගින් එම හිමිකම් නිකුතුවේ වටිනාකම රුපියල් 522,672,780කි. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සීහි දිගුකාලීන මූල්‍ය ශක්තිමත් බව සහ දිගුකාලීන ණය සහ මූල්‍යමය බැඳීම් සඳහා යොදා ගන්නා බවත් පවසයි. 
මෙම නිකුතුව සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ මෙන්ම අදාළ නියාමන ආයතනවල අනුමැතියද හිමිවිය යුතුව තිබෙන බවත් සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් හිමිකම් නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site