IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ තහනම දීර්ඝ කෙරේ

සණස ලයිෆ් රක්ෂණ සමාගම සතුව ඇති දීර්ඝ කාලීන රක්ෂණ සේවා (ජීවිත) ලියාපදිංචි කිරීම සඳහා වන බලපත්‍රය අත්හිටුවීමේ කාලසීමාව 2025 මැයි 06 වැනිදා සිට 2026 ජූලි 05 දක්වා මාසයක කාලයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි පවසයි.

 සණස ලයිෆ් රක්ෂණ සමාගම මගින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී පළමුවරට මෙම අත්හිටුවීම බලාත්මක වූ අතර, එම කොමිෂන් සභාවේ අදාළ නියාමන කොන්දේසිවලට අනුකූල නොවන ආකාරයෙන් සමාගම කටයුතු කිරීම ඊට හේතුව විය. අවස්ථා කිහිපයකදී මෙම අත්හිටුවීම දීර්ඝ කෙරුණු අතර, අවසන් දීර්ඝ කිරීම මැයි 05 වැනිදා කල් පිරුණි.



අදහස් (0)

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ තහනම දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site