IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


සංජය කාලිදාස LOLC හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සංජය කාලිදාස මහතා පත් කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූ බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරිමට නියමිතව තිබේ. 
සංජය කාලිදාස මහතා සතුව මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන අංශ තුළ භාණ්ඩාගාරල වත්කම් බැරකම් කළමනාකරණය සහ අරමුදල් කළමනාකරණය පිළිබඳව වසර 20කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. LOLCසමූහයෙහි භාණ්ගාරිකවරයා ලෙස පත්වීමට පෙරාතුව කාලිදාස මහතා මෙරට සංවර්ධන බැංකුව මෙන්ම මහ බැංකුව/ රජයේ භාණ්ඩාගාරයේද සේවය කර තිබේ. මේ අතර කාලිදාස මහතා’ LOLCසමූහයට අයත් සිංගප්පූරුවේ පිහිටි LOLC Financial Sector Holdings Ltd, LOLC Asia Ltd. යන සමාගම්වල මෙන්ම Gal Oya Holdings Ltd හිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

 



අදහස් (0)

සංජය කාලිදාස LOLC හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site