භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 1,725,494ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙය 2024 වසරේ එම කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් 1,484,808 හා සැසඳීමේදී සංචාරකයන් 240,686 ක වර්ධනයකි. එහෙත් 2023 වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 1,731,922 හා සැසඳීමේදී එය සංචාරකයන් 6,428 ක අඩුවීමකි.
සැප්තැම්බර් මාසයේදී පැමිණි වාර්තාගත 158,971 ක සංචරකයන් සංඛ්‍යාවත් සමගින් මෙලෙස ලක්ෂ 17 ක සංචාරක පැමිණීම් ප්‍රමාණය සටහන්ව තිබේ. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 122,140 ක් විය.
වසර තුළ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාවෙන් සටහන්ව ඇති අතර, එය 375,292 කි. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 161,893 ක්ද, රුසියාවෙන් සංචාරකයන් 122,144ක්ද පැමිණ තිබේ. එසේම ජර්මනියෙන් සහ චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 106,988ක් සහ 101,590ක් වෙයි.
ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 77,380ක්ද, නෙදර්ලන්තයෙන් සංචාරකයන් 52,210ක් පැමිණ තිබේ. එසේම එක්සත් ජනපදයෙන් සහ බංග්ලාදේශයෙන් පිළිවෙළින් සංචාරකයන් 48,174ක් සහ 45,438ක් ලෙස පැමිණ තිබේ.
මෙම වසර තුළදී සංචාරකයන් ලක්ෂ 30ක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ වී තිබූ නමුත්, පසුව එම ඉලක්කය සංචාරකයන් ලක්ෂ 26ක් දක්වා අඩු කෙරිණි.
සංචාරක පැමිණීම් ලක්ෂ 17 ඉක්මවයි