IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


සංචාරක පැමිණීම් ලක්ෂ 11 පසුකරයි

 විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසර ආරම්භයේ සිට පසුගිය 18 වැනිදා දක්වා සංචාරකයන් 1,123,289 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙම මස පළමු දින 22 දී මෙරටට සංචාරකයන් 93.486 ක් පැමිණ ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. ඒ අනුව මෙම මාසයේදී මෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වා ද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. පළමු දින 22 තුළදී ඉන්දියාවෙන් 27,504 ක් මෙරටට පැමිණ ඇති අතර, වසරේ මේ දක්වා 231,564 ක් මෙරටට පැමිණ ඇත.
මෙම වසර තුළදී මෙරටට සංචාරකයන් දෙවැනි ස්ථානයට වැඩියෙන්ම පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, තෙවැනි ස්ථානයට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්ය.



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ 11 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site