IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සංචාරක ජාතික සන්නාමකරණයට ටෙන්ඩරය හරහට

  • නැවත වතාවක් ලංසු කැඳවන්න ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් උපදෙස්
  • නව ටෙන්ඩරයක් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා. ඒ සඳහා මාස තුන, හතරක කාලයක් ගතවන තත්වයක්

 

චාරුමිණි ද සිල්වා

තීරණාත්මක ශීත සෘතු සංචාරක සමයට මාස කිහිපයකට පෙර නව ටෙන්ඩර් කැඳවීමත් සමග, මෙරට සංචාරක ක්ෂේත්‍රය දීර්ඝ කාලයක් බලා සිටි ජාතික සන්නාමකරණ සහ ගෝලීය අලෙවිකරණ වැඩසටහන නැවතවරක් ප්‍රමාද වී ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, අදාළ වැඩසටහන සඳහා නැවත වතාවක් ලංසු කැඳවන ලෙස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව උපදෙස් ලබාදී ඇති බවයි. ඒ සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා මාස තුන, හතරක කාලයක් ගත වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අතරතුර කාලෙය්දී ප්‍රවර්ධන කටයුතු සහ අනෙකුත් ප්‍රදර්ශන කටයුතු සිදු කෙරෙනු ඇතැයි ඔහු පැවැසුවේය.

ගෝලීය අලෙවිකරණ නියෝජිතායතන සමග පසුගිය වසරේ අත්සන් තැබූ ගිවිසුම් බොහොමයකින් නිසි ප්‍රයෝජනය ලබා ගෙන නොමැති බවද එහිදී රණසිංහ මහතා ප්‍රකාශ කළේය. බිම් මට්ටමේ ගැටලු‍ විසඳාගැනීමකින් තොරව ජාතික සන්නාමකරණ සහ ගෝලීය අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් දීර්ඝ කාලීන අරමුණු අඩපණ වනු ඇතැයි ඔහු පැවැසුවේය.

විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබෙන බවත්, එය ඉක්මනින් සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම තවත් රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීමේ තීරණය තවමත් ක්‍රියාත්මක වී නොමැත. නිදහස් වීසා පහසුකම ලබාදීමත් සමග මහ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 66 ක වාර්ෂික ආදායමක් අහිමි වන බැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ. 



අදහස් (0)

සංචාරක ජාතික සන්නාමකරණයට ටෙන්ඩරය හරහට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site