විමුක්ති එස් රුද්‍රිගු
දකුණු කොරියාවේ 40 වැනි සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (05) සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂෙත්‍රය ප්‍රවර්ධනය කිරීමට සහ ගෝලීය නායකයන් සමඟ සම්බන්ධ වීමට සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය ගෝලීය වේදිකාවක් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ, නැගෙනහිර ආසියානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සන්නාම පැවැත්ම ශක්තිමත් කිරීම, සංචාරක නියෝජිතායතන සහ ආයෝජකයන් සමඟ ඉහළ වටිනාකමක් ඇති හවුල්කාරිත්වයන් ගොඩනැගීමට සහ සාම්ප්‍රදායික වෙෙළඳපොළවලින් ඔබ්බට අපගේ සංචාරක ක්ෂෙත්‍රය විවිධාංගීකරණය කිරීම තමාගේ සංචාරයේ අරමුණ බවයි.
සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණයට අවධානය