IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


සංචාරක ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ හැට දෙනකුට සහතික පත්

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


නැගෙනනහිර පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය අවම කරමින් හොටෙල් ගෘහ පාලනය හා සංචාරක නිවාස පාලනය පිළිබඳ පුහුණුව ලැබූ ශ්‍රමිකයන් හැට දෙනකුට සහතික පත් ප්‍රදානය ඉකුත්දා නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2.6 ක් මේ සඳහා වැය කර තිබූ අතර මෙම පුහුණුව සුදුසුකම්ලාභි ත්‍රිකුණාමල සර්වෝදය මධ්‍යස්ථානයේ සම්පත්දායකයන් විසින් සිදු කරනු ලැබීය. පැය 120ක නොමිලේ පුහුණුවක් මෙහිදී ලබාදීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ යන මහත්වරුද එක් වූහ.

 



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ හැට දෙනකුට සහතික පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site