භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් හරහා උපයා ගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 2,910.6 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ වාර්තා කළ ඩොලර් බිලියන 2,806.5 හා සැසඳීමේදී සියයට 3.7 ක වර්ධනයකි.
කෙසේ වෙතත් මේ වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක ආදායම ඩොලර් මිලියන 251.6ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ නොවැම්බර් මාසයේදී රැස් කරගත් ඩොලර් මිලියන 272.9 හා සැසඳීමේදී ඩොලර් මිලියන 21.24ක අඩුවීමකි.
මේ අතර දෙසැම්බර් මාසයේ මුල් දින 11 තුළදී මෙරට වෙත සංචාරකයන් 70,023 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 3කට ආසන්න වෙයි