IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


සිංගර් කැස්බෑවේ පිහිටි ඇක්මි ප්‍රින්ටින්ග් මිලට ගනී

  • ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 630 ක්

මෙරට සුප්‍රසිද්ධ විදුලි උපකරණ නිෂ්පාදන සහ අලෙවි සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමට අයත් අංක 345, ගෝනමඩිත්ත පාර, කැස්බෑව යන ලිපිනයේ පිහිටි ඉඩමක් සහ ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට කටයුතු කළ බව පවසයි. ඊට අදාළ පැවරුම් ඔප්පුවට අත්සන් කිරීම අදාළ සමාගම් දෙක පසුගිය ජූලි 24 වැනිදා සිදු කර තිබේ. මෙහිදී රුපියල් මිලියන 630ක (රුපියල් 630,000,000ක) මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

මෙය ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය ලෙසින්ද සැලකෙයි. සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ දේශිය නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ඉඩම සහ ගොඩනැගිල්ල මිලදී ගන්නා බව එම සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එසේම මෙම දේපළ අලෙවිය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සහ පන්නල සිය කර්මාන්තශාලා පරිශ්‍රයේ පුළුල් කිරීමේ කොටසක් ලෙස සිදු වුණු බව ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

සිංගර් කැස්බෑවේ පිහිටි ඇක්මි ප්‍රින්ටින්ග් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site