IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


සක්‍රීය ණය කාඩ්පත් 16,812 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් වේ. පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 2.3 කින් වර්ධනය වී තිබේ. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් එසේත් නැතිනම් 91,371 කින් ඉහළ ගොස් ඇත.
කෙසේ නමුත් මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරේදී 2022 වසරට සාපේක්ෂව සියයට 1.8 කින් 39,991කින් පහළ වැටුණේය.



අදහස් (0)

සක්‍රීය ණය කාඩ්පත් 16,812 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site