IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සී.එස්.ටී.අයි.බියුරෝ ආයතනයට පිනකල් සම්මාන

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


කොළඹ ෂැන්ගිලා හෝටලයේ පසුගියදා පැවති පිනකල් සම්මාන උළලේදී විදෙස් රටවල රැකියාවට යන ලංකික ශ්‍රමිකයන් පුහුණු කිරීමේ හොඳම ආයතනය ලෙස කරන්දෙණිය ඌරගස්මංහන්දිය යටගල පිහිටි සී.එස්.ටී.අයි.බියුරෝ ආයතනය සම්මාන දිනා ගත්තේය.
 ආයතනය ආරම්භ කර දෙවසරකට ආසන්න කාලයකදී මෙවැනි සම්මානයක් හිමිවීමත් විශේෂත්වයකි.
මේ වන විට මේ ආයතනයෙන් විවිධ වෘත්ති සඳහා පුහුණුව ලබා ඊශ්‍රායලයට ගිය ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව දෙදහසකට වැඩි බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සමන් ප්‍රියන්ත මහතා කීය.
සිය ආයතනයට මෙවැනි සම්මානයක් හිමිවීමේ කොටස්කරුවන් කිහිපදෙනකුම සිටින බවත් හිටපු ප්‍රධාන උපදේශක, සිවිල් ඉංජිනේරු අජිත් නිලංග වත්මන් ප්‍රධාන පුහුණුකරු සුරංග වික්‍රමනායක සහ වත්මන් කළමනාකරු නුවන්ත මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඒ අතරින් ප්‍රධාන බවද සමන් ප්‍රියන්ත මහතා කීය.



අදහස් (0)

සී.එස්.ටී.අයි.බියුරෝ ආයතනයට පිනකල් සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site