IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ශ්‍රීලංකන් නමින් ව්‍යාජ සමීක්ෂණයක්

නිමල කොඩිතුවක්කු
 
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර  ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවත් තම සමාගම එවැනි   ප්‍රවේශ පත්‍ර ලබාදීමක් සිදු නොකරන බවත්   ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
 
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සෘජුව මැදිහත්වීමකින් තොරව සිදුකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සමාගම භාර නොගන්නා බවද එම සමාගම සඳහන් කරයි.
 
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලබාදෙන සියලුම ප්‍රවර්ධන දීමනා www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවත්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින ලෙසත් එම සමාගම ඉල්ලා සිටියි.



අදහස් (0)

ශ්‍රීලංකන් නමින් ව්‍යාජ සමීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site