IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට රුමේනියාව සමග සාකච්ඡා

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය සුරක්ෂිත කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පෙරේදා (26) රුමේනියාවේ කම්කරු පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්‍ය පෙට්‍රේ-ෆ්ලොරින් මනෝලේ මහතා සමඟ රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.

මෙහිදී යළිත් අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව රුමේනියානු අමාත්‍යවරයා වෙත සිය සුබපැතුම් එක් කළ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩාත් සුදුසු රැකියා අවස්ථා විවෘත කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර කම්කරු සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී ඵලදායී අදහස් හුවමාරු කර ගැනීම සිදුවිය.

එමෙන්ම, ශ්‍රී ලංකා - රුමේනියා කම්කරු සහයෝගිතා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම හරහා මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය ඉදිරියට ගෙන යාමත්, නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනාගැනීමත් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගිතා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සිප්‍රියන්-නිකොලායේ වකාරු මහතා සහ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති සමන්ත පතිරණ මහත්මිය ද සහභාගී වූහ.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට රුමේනියාව සමග සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site