IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ මුද්‍රණ තාක්ෂණයට නව අත්දැකීමක් එක් කරමින් Deli හා Assidua Technologies නව මාවතකට එළැඹෙයි

චීනයේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ යන්ත්‍ර සන්නාමයක් වනDeli  ශ්‍රී ලංකාවේ කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළේ සිය ව්‍යාපාර තව දුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් වසර 15ක වෙළෙඳපොළ හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත Assidua Technologies  සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. 

ජාත්‍යන්තර වෙළෙඳපොළේ  සිය ව්‍යාපාර ජාලය අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටින Deli සන්නාමය ලිපි ද්‍රව්‍ය සහ මෙවලම් නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින සමාගමක් වන අතර, එයින් ඔබ්බට යමින් කාර්යාල ස්වයංක්‍රීයකරණ ක්ෂේත්‍රය වෙතද සිය අවධානය යොමු කර ඇත. ඒ අනුව ව්‍යාපාර ආයතන, අධ්‍යාපන ආයතන සහ තනි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා නවීන මුද්‍රණ විසඳුම් හඳුන්වා දීමට සමාගම කටයුතු කරමින් සිටී. නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ භාවිතයේ පහසුව මූලික කර ගනිමින් නිර්මාණය කර ඇති Deli  මුද්‍රණ යන්ත්‍ර එදිනෙදා මුද්‍රණ කටයුතු සරල කරමින් ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාර වේ.

මෙම හවුල්කාරිත්වය සඳහා Assidua Technologies  සමාගම සිය පුළුල් කර්මාන්ත අත්දැකීම්, තාක්ෂණ විශේෂඥතාව සහ පාරිභෝගික සේවාව පිළිබඳ කැපවීම එක් කරයි. සමූහ ව්‍යාපාරයේ සභාපති ධූරය හොබවන වෙන්ගඩසාලම් නඩරාජා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එම සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාර කටයුතු විවිධාංගීකරණය කරමින් නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණ වෙළෙඳපොළේ වෙනස් වන අවශ්‍යතාවලට අනුගත වීමටත් පියවර ගනිමින් සිටී. වසර 15ක අත්දැකීම් සම්භාරය, දේශීය තාක්ෂණ විශේෂඥතාව සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව සමග Deli මුද්‍රණ විසඳුම් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට මෙම හවුල්කාරිත්වය ශක්තිමත් පදනමක් සපයයි.

 මෙම හවුල්කාරිත්වය පිළිබඳවAssidua Technologies  සමාගමේ අධ්‍යක්ෂ සදීෂ්කුමාර් මහතා මෙසේ පැවසීය. “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නවීන, විශ්වාසනීය මුද්‍රණ විසඳුම් හඳුන්වා දීමට ලැබුණු සුවිශේෂ අවස්ථාවක්. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට සැපැයීම පමණක් නොව එම නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට අවශ්‍ය තාක්ෂණ විශේෂඥ සහාය සහ සේවා පහසුකම් දීප ව්‍යාප්තව සැපැයීමයි.” Deli  සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඇඩම් හුසේන් මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පෙළ ජාත්‍යන්තර වශයෙන් පුළුල් කිරීමේදී ශ්‍රී ලංකාව අපට වැදගත් වෙළෙඳපොළක්. Assidua Technologies  සමාගම සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය හරහා ප්‍රායෝගික, නවෝත්පාදනීය සහ භාවිතයට පහසු මුද්‍රණ විසඳුම් මෙරට පාරිභෝගිකයන්ට සමීප කිරීමට හැකි වෙනවා. ඒ සඳහා දේශීය තාක්ෂණ සේවා කණ්ඩායමක සහායද හිමි වෙනවා.” Deli  සන්නාමය කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය සැලකිය හැකිය. ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනය සහAssidua Technologies  සමාගමේ දේශීය වෙළෙඳපොළ පිළිබඳ දැනුම හා සේවා හැකියා එක් වීමෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් පුළුල් තේරීම්, පහසුකම් සහ විශ්වාසනීය මුද්‍රණ විසඳුම් ලැබෙනු ඇත.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තාක්ෂණයට නව අත්දැකීමක් එක් කරමින් Deli හා Assidua Technologies නව මාවතකට එළැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site