ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වූ IFFA - DFV ගෝලීය මාංශ නිෂ්පාදන සදහා වන 2025 සම්මාන උළෙලේදී, රන් පදක්කම් 13 ක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් පුස්සැල්ලා නිෂ්පාදන විසින් දිනා ගනු ලැබීය.
එහිදී, දකුණු ආසියාවේ මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයන් අතර දෙවැනි ස්ථානයට ශ්‍රේණිගත වීම සුවිශේෂී විය.
ශ්‍රී ලංකාවේ සැකසූ මාංශ නිෂ්පාදන කර්මාන්තයට මෙවර ලෝක මට්ටමේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී ඇත. ලෝකයේ ප්‍රමුඛතම මාංශ සැකසුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය වන ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේදී පැවති IFFA DFV 2025 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාවේ පුස්සැල්ලා මීට් ප්‍රොඩියුසර්ස් (පුද්) සමාගම සම්මාන 15ක් දිනා ආසියාවේ 2 වැනි ස්ථානයට ශ්‍රේණිගත විය.
මෙම වාර්තාගත ජයග්‍රහණයෙන්, පුස්සැල්ලා සමාගම රන් පදක්කම් 13, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාවේ සැකසූ මාංශ නිෂ්පාදන කර්මාන්තය ලෝකයේ ඉහළම තත්ව ප්‍රමිතීන්ට නිෂ්පාදනය කළ හැකි බව තහවුරු කරන ලදී.
පුස්සැල්ලා කළමනාකාර අධ්‍යක්ෂ, දිල්ෂාන් වෑවිට මහතා මෙසේ පැවසීය:
“මෙය අපගේ දේශීය කර්මාන්තය දිරි ගැන්වීම සඳහා විශාල අවස්ථාවක්. ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ලෝක මට්ටමේ සැකසූ මාංශ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික සමාගම්වලට දැන් හැකියාව ඇති බව මෙයින් සනාථ වේ. අපි සැමවිටම මිලට වඩා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරන අතර අද ලෝකය අපගේ කැපවීම හා ආදර්ශය පිළිගෙන ඇත.”
ජර්මානු මාංශ වෙළෙන්දන්ගේ සංගමය (ඩොයිෂර් ෆ්ලයිෂර්-වර්බන්ඩ් - DFV) විසින් සංවිධානය කරන ලද IFFA තරගය ගෝලීය වශයෙන් මාංශ කර්මාන්තයේ දැවන්තම සහ වැදගත්ම තරගාවලියයි. නිෂ්පාදන විනිශ්චය කිරීම: රසය, ටෙක්ස්චර්, සුවඳ, කැපුම් මතුපිට, කුළුබඩු සමතුලිතතාව සහ කටගැස්ම ඇතුළු උප නිර්ණායක රැසක් හරහා නිෂ්පාදිතයා හෝ නිෂ්පාදනය අයත් වන වෙළෙඳ සන්නාමය ඉදිරිපත් නොකර නිෂ්පාදනය පමණක් ස්වාධීනව පරීක්ෂා කිරීම මගින් සිදු කරයි. සියලුම මිණුම් සලකුණු හරහා පරිපූර්ණ ලකුණු ලබා ගන්නා ඉදිරිපත් කිරීම් වලට පමණක් රන් සම්මාන ලැබේ. මෙය සැබවින්ම පෙර සැකසු මාංශ නිෂ්පාදන සඳහා පුස්සැල්ලා පමණක් නොව රටක් ලෙස ලබා ගත් ඉමහත් ගෞරවයකි.
පුස්සැල්ලා ඉදිරිපත් කළ සොසේජ් නිෂ්පාදන 15ක් සඳහා සම්මාන ලබා ගැනීම ලෝක වේදිකාවේ අතිශය දුර්ලභ දෙයකි. මෙහි වැදගත්ම කරුණ වන්නේ, ඉදිරිපත් කළ සියලුම නිෂ්පාදන පුස්සැල්ලා දේශීය වෙළෙදපොළේ තම පාරිභෝගිකයන්ට ලබා දෙන භාණ්ඩ වීමයි.
මෙම නිෂ්පාදන සෑම එකක්ම ශ්‍රී ලංකාව පුරා විහිදුනු පුස්සැල්ලා මීට් ෂොප්වලින් ලබා ගත හැකිය.
චිකන් බොක්වර්ස්ට්- රන්, චිකන් බ්‍රෙක්ෆස්ට් සොසේජස් - රිදී, චිකන් කොක්ටේල් සොසේජස් - රන්, පෝර්ක් බැන්ගර්ස් - රන්, චිකන් කම්බර්ලන්ඩ් සොසේජස් - රන්, පෝර්ක් කම්බර්ලන්ඩ් සොසේජස් - රන්, හනි ග්ලේස්ඩ් චිකන් හැම් - ලෝකඩ, ස්මොර්ක්ඩ් හැම් - රන්, චිකන් කොච්චි සොසේජස් - රන්, ස්ට්ෆ්ඩ් චිකන් බ්‍රෙස්ට් - රන්, චිකන් ප්‍රෝසෙස්ඩ් බේකන් - රන්, බෙවේරියන් වයිස්වර්ස්ට් - රන්, චිකන් හොට් ඩෝග් - රන්, රෝස්ට් පෝර්ක් විත් ස්ටෆින් - රන්, පික්නික් හැම් - රන්
පුස්සැල්ලා සාර්ථකත්වය සඳහා මූලිකම හේතුව වශයෙන් දැක්විය හැක්කේ අධි අභිජනන (Grand Parent) කුකුළු ගොවිපොළවල් සහ සත්ව ආහාර නිෂ්පාදනාගාරයේ සිට ප්‍රාථමික මෙහෙයුම් ක්‍රියාවලි, වැඩිදුර සැකසුම් පහසුකම් (Further Processing) සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය දක්වා ක්‍රියාත්මක වන පූර්ණ සමෝධායනයට ලක් වූ මෙහෙයුම් ක්‍රියාවලියයි.
එලෙසම ආයතනය විසින් ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා වූ සියලූම පියවරකදීම නැවුම්බව සහ ආරක්ෂාව සහතික කිරීමට විශේෂ ක්‍රියාවලීන් ස්ථාපිත කර තිබීමද විශේෂත්වයකි.
දේශිය කුළු බඩු යොදා ගනිමින් නවෝත්වපාදනයක් ලෙස නිෂ්පාදනය කළ කොච්චි චිකන් සොසේජස් (Kochchi Chicken Sausages), විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස ජර්මානු මාස්ටර් බුචර්වරුන්ගේ ඇගයීමට ලක්වීමද මහගු ජයග්‍රහණයකි.
“අපි කිසි විටෙකත් තරගය සඳහා පමණක් විශේෂ නිශ්පාදන නිර්මාණය කළේ නැත. ලෝකයක් ඉදිරියේ විනිශ්චය කරනු ලැබුවේ ශ්‍රී ලාංකික පවුල් සෑම දිනකම භුක්ති විඳින අපගේ නිෂ්පාදනයි. ඒ නිසා තමයි මේ ජයග්‍රහණය මෙතරම් අර්ථවත්ව වෙන්නේ.” ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කපිල හෙට්ටිවත්ත මහතා පැවසීය.
මෙහෙයුම් කළමනාකරු චාමර කුඩමාදුවගේට අනුව, පුස්සැල්ලා ආයතනය සාර්ථකත්වයට පැමිණෙන්නේ අමුද්‍රව්‍යවල නැවුම්බව (පැය 24-48 තුළ සකසන ලද මාංශ), නිවැරදි කුළුබඩු තෝරාැනීමේ සිට ඇසුරුම් කිරීම දක්වා නිෂ්පාදන ක්‍රියාවලියේ දක්වන කැපවීම වේ.
“අපි යුරෝපීය වට්ටෝරු ප්‍රතිනිර්මාණය කිරීමේදී ඉහළ ගුණාත්මයෙන් යුත් අමුද්‍රව්‍ය ආනයනය කිරීම කරන අතර ශ්‍රී ලාංකික ආරයේ සොසේජස් සඳහා හොඳම දේශීය විකල්ප තෝරා ගනු ලබයි. කොච්චි යනු රස ගවේෂණයෙන් උපන් දේශීය නවෝත්පාදනයකි. දැන් එය ගෝලීය වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත” කුඩමාදුවගේ මහතා පැවසීය.
මෙම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ පුස්සැල්ලා ආයතනය තම නිෂ්පාදන ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට ද ඉලක්ක කරමින් සිටී. මාලදිවයින, මැදපෙරදි සහ ආසියානු කලාපයේ දිනෙන් දින ඉහළ යනු ලබන නිෂ්පාදන ඉල්ලුම ඉලක්ක කර ගනිමින් කොස්ගම පිහිටි නිෂ්පාදන සැකසුම් අංශය මසකට ටොන් 400 ක ධාරිතාවකින් යුතු නව සැකසුම් පහසුකමක් සඳහා ව්‍යාප්ත කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
“මෙම ජයග්‍රහණය හුදෙක් පදක්කම් පමණක් නොවේ. ඒවා අපගේ සුවිශේෂී ගමන් මගෙහි සාර්ථකත්වය තහවුරු කරන අතර තරගකාරී ජාත්‍යන්තර වෙළඳපොළෙහි දොරටු විවර කරයි” හෙට්ටිවත්ත මහතා පැවසීය. “ගෝලීය ආහාර නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලාංකික නියෝජනයට අපි සූදානම්.”
මෙම ජයග්‍රහණය හුදෙක් පුස්සැල්ලා ආයතනයේ ව්‍යාපාරික ජයග්‍රහණයකට ඔබ්බෙන් වන ජාතික අභිමානයේ සංකේතයක් ලෙස සැලකිය හැකි අතර ශ්‍රී ලාංකික කෘෂි ව්‍යාපාරයට ගෝලීය වශයෙන් තරඟ කර නායකත්වය දිය හැකි බවට සලකුණකි. එය රටේ සැකසූ මාංශ කර්මාන්තයේ විශ්වසනීයත්වය ඉහළ නංවන අතර අපනයනයට ඇති විභවය සහ ගෝලීය හවුල්කාරිත්වය වැඩි කිරීම සඳහා යහපත් වේදිකාවක් සකසයි.
කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම අවස්ථාවේදී තම පාරිගභෝගිකයන්ට, හවුල්කරුවන්ට, සැපයුම්කරුවන්ට සහ කොටස්කරුවන්ට හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, ඔවුන්ගේ විශ්වාසය සහ බැඳීම පුස්සැල්ලාහි සාර්ථකත්වයේ පදනම බව පැවසීය. “මෙම ජයග්‍රහණය හුදෙක් අපගේ නිෂ්පාදන වල ජයග්‍රහණයක් පමණක්ම නොවේ - එය මෙම වෙළඳ සන්නාමය ගොඩනගා ඇති ශක්තිමත් සබඳතා සහ වටිනාකම් වල ජයග්‍රහණයක්” වෑවිට මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගෝලීය මට්ටමේ සොසේජස් පෙළක්