IMG-LOGO

2026 ජනවාරි මස 19 වන සඳුදා


ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගෙවීම් ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට, ඩයලොග් සහ UnionPay International එක් වෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී, ලොව විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන ජාත්‍යන්තර මුදල් ගෙවීම් ජාලයක් වන, UnionPay International සමග සුවිශේෂී සහයෝගිතාවකට එළැඹියේය. මෙරට ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහයෝගිතාවට අදාළ ගිවිසුම් අත්සන් කිරීම, China UnionPay සහ UnionPay International හි සභාපති Dong Junfeng මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 
එම අවස්ථාවට, ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණික (Fintech) ක්ෂේත්‍රයේ නැගී එන, පුරෝගාමී සමාගමක් වන Dialog Finance සහ UnionPay International යන සමාගම් දෙකේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයද හිමි විණි. 
මෙම සහයෝගිතාවේ ශක්තියෙන්, Dialog Finance සමාගමට නවතම මුදල් ගෙවිම් සේවා රැසක් හඳුන්වාදීමට හැකියාව සැලසෙන අතර, ඒ අනුව මෙරට ගෘහස්ත හා ව්‍යාපාරික පාරි‌භෝගිකයන්ට, දිවයින පුරාම භාවිත කළ හැකි, ජාත්‍යන්තර මට්ටමේ මුදල් ගෙවීම් සේවා සමගින් ඉහළම ඩිජිටල් අත්දැකීමකට ඉඩකඩ විවර වේ. එම ඩිජිටල් මුල්‍ය විසඳුම් ඔස්සේ, අන්තර්ජාල වෙළෙඳාම (e-commerce), ප්‍රවාහන සේවා, සංචාරක ක්ෂේත්‍රය සහ රීටේල් ව්‍යාපාර මෙන්ම, ශ්‍රී ලාංකීය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙසින් ඊට ප්‍රබලම ශක්තියක් වන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සැලසෙන සහය සුළුපටු නොවේ. ඒ අනුව, මෙරට මුදල් රහිත ගනුදෙනු ප්‍රචලිත කිරීමත්, ඩිජිටල් මූල්‍ය ක්‍රම භාවිත නොකරන ජනතාව, ඩිජිටල් මුල්‍ය ක්‍රමවලට ඇතුළත් කරගැනීමත්, යන ජාතික ප්‍රමුඛතා සාක්ෂාත් කර ගැනීමට මෙම සහයෝගිතාව රුකුලක් වනු ඇත.
ලොව පුරා රටවල් සහ කලාප 180කට අධික සංඛ්‍යාවක පිළිගැනීමට පාත්‍රව ඇති ඩිජිටල් මුදල් ගෙවීම් ජාලයක් වන UnionPay International, ජාත්‍යන්තරය තුළ අත්පත් කර‌ගෙන ඇති සාර්ථක පැවැත්ම, මෙම සහයෝගිතාව සඳහා ප්‍රබලතම ශක්තියක් වී තිබේ. බැංකු හා ජාත්‍යන්තර මුදල් ගෙවීම් සේවා සමගින් පවත්වාගෙන යන සහයෝගිතා ඔස්සේ, ජාත්‍යන්තර ව්‍යාප්තිය වඩාත් තහවුරු කර ඇති UnionPay, ඩිජිටල් මුල්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගන්වමින්, ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමවේද ව්‍යාප්ත කිරීම උදෙසා පුරෝගාමී කාර්ය භාරයක නියැළෙයි. 
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. ”‍මෙරට ඩිජිටල් මූල්‍ය පරිවර්තනයේ පෙරගමන්කරුවකු ලෙස අප ඉටුකරන කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා ව්‍යාපාරික පාරිභෝගිකයන්ට, ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් මුදල් ගෙවීම් අත්දැකීමක් පිරිනැමීමට, මෙම සහයෝගිතාව ඔස්සේ අපට හැකියාව ලැබෙනවා. ලොව ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීම් ජාලයක් වන UnionPay International හි ශක්තියත්, සම්බන්ධතාව සහ නවතම තාක්ෂණය අතින් ඩයලොග් සමාගම් සමූහයේ නායකත්වයත් මේ තුළින් තව තවත් ශක්තිමත් කෙරෙනවා.”
China UnionPay සහ UnionPay International හි සභාපති Dong Junfeng මහතාද සිය අදහස් පළ කළේය. “පාර්ශව හතරක සහභාගිත්වයෙන් යුත් මෙම නවතම ආකෘතියේ සහයෝගිතාවට එළඹෙමින්, UnionPay සමාගම, බැංකු නොවන ප්‍රධාන පෙළේ මුල්‍ය තාක්ෂණික (Fintech) සමාගම් සමඟ සිය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනවා. ජංගම දුරකතන මගින් මුදල් ගෙවීමේ ඩිජිටල් මුල්‍ය සේවා සහ එම ක්‍රමවේද ලොව පුරා භාවිත කළ හැකි වීමේ වාසිය උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍යකරණය තවදුරටත් වර්ධනය කිරීමට UnionPay හි සහය අඛණ්ඩව ලබාදෙනවා.” 
Fitch Ratings Lanka ආයතනයේ ශේණිගත කිරීම්වලට අනුව, AA(lka) ස්ථාවර ශේණිගත කිරීමක් හිමිකරගෙන ඇති Dialog Finance PLC, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. පාරිභෝගික විශ්වාසය, නීතිමය අනුකූලතාව මෙන්ම, සමාගමේ මුල්‍ය ස්ථාවරත්වය පිළිබඳව, එම සමාගම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සහතික කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගෙවීම් ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට, ඩයලොග් සහ UnionPay International එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site